Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

04th January 2024 08:24:15 Hours

2024 වර්ෂය සඳහා පළමු වැඩමුළුව ආරම්භ වේ

ඡායාරූපකරණය යනු නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට සහ වචන නොමැතිව හැඟීම් සන්නිවේදනය කිරීමට ඉඩ සලසන ප්‍රබල මාධ්‍යයකි. ඡායාරූපකරණය පුද්ගලික සහ වෘත්තීය සන්දර්භය තුළ බොහෝ වාසි ලබා දෙයි.

කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ හමුදා උත්සව අවස්ථාවන්හිදී ඡායාරූප සහ වීඩියෝ සහාය ලබාදෙමින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන, මේජර් ජෙනරාල් ඒ සි ඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ, ඡායාරූපකරණය පිළිබඳ දින 10 වැඩමුළුව 2024 ජනවාරි 02 වන දින රෙජිමේන්තු ඡායාරූපකරණ ක්‍ෂේත්‍රයේ දීප ව්‍යාප්තව රාජකාරි ඉටු කරන සෙසු නිලයින් 18 දෙනෙකුගෙ සහභාගිත්වයෙන් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී.

වැඩමුළුවේ ආරම්භය සනිටුහන් කරමින් බලකාධිපති විසින් අපරාධ ස්ථාන ඡායාරූපකරණයේ අරමුණු සහ වැදගත්කම සහ රථවාහන අනතුරු වලදී ඡායාරූප ගැනීම යන කරුණු අවධාරණය කරමින් සමාරම්භක දේශනයක් සිදු කරන ලදි.

මෙම වැඩමුළුවේ සැලසුම් කර ඇත්තේ ඡායාරූප ගැනීමේ කලාව සහ ශිල්පීය ක්‍රම, කැමරාවකින් රූප නිර්මාණය කිරීම, මූලික ඡායාරූප ශිල්පීය කුසලතා, උපකරණ සහ ආලෝකකරණ ශිල්පීය ක්‍රම ආදිය පිළිබඳව ඉගැන්වීමේ පාඩම් මාලාවෙනි.

පාඨමාලාව සමාරම්භය නියෝජනය කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් පාලන, විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහභාගි වූහ.