Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st December 2023 16:38:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් සංවිධානය කරනලද නත්තල් කැරොල් ප්‍රසංගය

නත්තල යනු සාමයේ පණිවිඩය ගෙන ආ ජේසුස් කිතු උපතයි මෙය අර් ථවත් කරමින් 5 වන ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකය සහ මෙම රෙජිමේන්තු සේවා වනිතා සමඟ එක්ව, ගරු සභාපති ප්‍රියන්තිකාද සොයිසා තුමියගේ මඟ පෙන්වීම යටතේ 2023 දෙසැම්බර් මස 29 නත්තල් කැරොල් ප්‍රසංගයක් පවත්වන ලදි.

මෙහිදි නාරාහේන්පිට - ශාන්ත තෙරේසා දේවස්ථානයේ කැරොල් කණ්ඩායම සහ මෙම රෙජිමේන්තු සංගීත කණ්ඩායම එක්ව කැරොල් ගීත ගායනා කරන ලදී.

නත්තල් කැරොල් උත්සවයට සමගාමීව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සහ අ.පො.ස. සා/පෙළ විභාගයෙන් ඉහළම ප්‍රථිඵල ලබාගත් පාසැල් සිසුන් 36 දෙනෙකු සඳහා පොත් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.