Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th December 2023 20:40:50 Hours

පුහුණු පාසල් බළලත් නිලධාරි සැරයන් නිවස්න සාමාජිකයින්ගේ සහ පාඨමාලා සදහා සහභාගීවත ජ්‍යෙෂ්ඨ කොනොතීන්ගේ නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලද නේවාසිකාගාර ගොඩනැගිල්ල සුභ මොහොතින් විවෘත කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති මෙන්ම ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ සි ද සොයිසා යුඑස්පී එච්ඩිඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් මස 24 වන දින පොලිස් හේවා බලකා පුහුණු පාසලෙහි සංචාරය සිදු කරන ලදී.

එහිදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පොලිස් හේවා බලකා පුහුණු පාසල් බළලත් නිලධාරි සැරයන් නිවස්න සාමාජිකයින්ගේ සහ පාඨමාලා සදහා සහභාගීවන ජ්‍යෙෂ්ඨ කොනොතීන්ගේ නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලද තේවාසිකාගාර ගොඩනැගිල්ල සුභ මොහොතින් විවෘත කරන ලදී.

පසුව පුහුණු පාසල් කාර් ය මණ්ඩලය සහ කෝප්‍රල් සිට සිට සැරයත් දක්වා නිල උසස් කිරීමේ පාඨමාලාව විනය 66 හදාරනු ලබත කොනොනි/ කොනොනිවරියන් අමතමිත් යුද්ධ හමුදාවේ විනයාරක්ෂකයින් වශයෙන් විනය, පැවැත්ම හා ආකල්ප වර්ධනය කර ගනිමින් වගකීම් සහිතව රාජකාරි ඉටු කල යුතු ආකාරය, සේවා කාලයට උචිත දැනුම වර්ධනය කර ගැනීමේ වැදගත්කම්, විනයාරක්ෂක ජ්‍යෙකොනොනීන්ගේ වගකීම, යුද්ධ හමුදා සාමාජිකයෙකු වශයෙන් ගෞරවාන්විත රැකියාවක් සිදු කිරීමේදී ඇති ප්‍රතිලාභ, සුරක්ෂිතතාවය හා සමාජය තුල ඇති පිළිගැනීම, සමාජ මාධ්‍ය භාවිතය, මත් ද්‍රව්‍ය භාවිතයේ අයහපත්භාවය හා අයථා මුදල් ආයෝජනය කිරීම් වලින් වැලකී විනයාරක්ෂකයෙකු වශයෙන් අර් තවත් ලෙස කටයුතු කල යුතු ආකාරය සබැඳි හරවත් දේශනයක් සිදු කරන ලදී.