Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st December 2023 18:13:39 Hours

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි 8 වන ඒකක සංවත්සර දිනය

7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 8 වන සංවත්සර දිනයට සමගාමීව 2023.11.12 වන දින ඒකකයේ රාජකාරි කරනු ලබන නිලධාරී/සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් යුතුව කඳවුරෙහි රෝපණය කර ඇති බෝධීන් වහන්සේ ඉදිරිපිටදී බෝධිපූජාමය පිංකමක් හා කාව්‍යමය ධර්ම දේශණාවක් පැවැත්වීමට කටයුතු කරන ලදී.

තවද, ඒකක සංවත්සර දිනය 2023.12.19 වන දින පැවැත්වූ අතර, එහිදී දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඒකක අණදෙන නිලධාරී වන මේජර් එල්ජීඑල්බී ගුණරත්න යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඒකකයේ දෙවන අණදෙන නිලධාරී වන මේජර් කේඑන්ඒ කරුණානායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් පිළිගනු ලැබූ අතර, ඉන් අනතුරුව අණදෙන නිලධාරී තුමන් වෙත සම්ප්‍රදායානුකූලව අභිමානවත් කඳවුරු මුරයක් පිරිනමන ලදී. පසුව සියඑ නිලයින් විසින් සමූහ ඡායාරූපයට පෙනී සිටි අතර, ඒකක කෝප්‍රල් සමාජ ශාලාවේ දිවා භෝජනයක් සංවිධානය කර ඉන් අනතුරුව අණදෙන නිලධාරී තුමන් විසින් සියඑ නිලයින් ආමන්ත්‍රණය කරන ලදී. පසුව එදින රාත්‍රියෙහි සියඑ නිල සුහද හමුවක් අති උත්කර්ශවත් අන්දමින් පවත්වා ඒකකයේ සංවත්සර දින වැඩ කටයුතු නිමා කරන ලදී.