Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

19th December 2023 15:05:26 Hours

විනයාරක්ෂක රිදි පදක්කම් ලාභිනිය

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සහ WT - THF ASIA විසින් සංවිධානය කරනු ලබන "පළමු THF (The Taekwondo Humanitarian Foundation) Asia International Open Taekwondo Championship - 2023" 2023 දෙසැම්බර් 07 සහ 08 යන දිනවල ශ්‍රී ලංකාවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගාවලියේදී සෙ/681895 ලාකො කෞෂල්‍යා එච්ඒඩීඒ - 2 ශ්‍රීලයුපොහේබ විශිෂ්ට දස්කම් දක්වමින් ජ්‍යෙෂ්ඨ කාන්තා කිලෝග්‍රෑම් 46 බර පංතිය යටතේ රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්ෂකාධිපති මෙන්ම ශ්‍රී ලංකා යුධ පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ඇතුලු නිලධාරින් සහ සෙසුනිලයන් සුභ පැතුම් පිරිනමන ලදී..