Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th December 2023 07:47:45 Hours

විනයාරක්ෂක හෑන්ඩ්බෝල් ක්‍රීඩක කෝප්‍රල් විමලරත්න D G R - 5 SLCMP ගේ විශිෂ්ඨ දස්කම් සඳහා සුභ පැතුම් එක් කරයි

2023 අගෝස්තු 11 සිට අගෝස්තු 14 දක්වා පුත්තලම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජාතික අත්පන්දු ශූරතාවලිය - 2023 තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා අත්පන්දු කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු (පිරිමි) කණ්ඩායම ශූරතාවය තහවුරු කර ගන්නා ලදී.

මෙම තරඟාවලිය සඳහා දීප ව්‍යාප්ත අත්පන්දු (පිරිමි) කණ්ඩායම් 21ක් කාණ්ඩ හතරක් යටතේ තරඟ වැදුණු අතර අවසන් සටන 2023 අගෝස්තු 14 වන දින යුද්ධ හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් අතර ආරම්භ විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස යුද හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම නියෝජනය කළ සෙ/680129 කෝප්‍රල් විමලරත්න D G R - 5 SLCMP ක්‍රීඩකයා කුසලානයෙන් පිදුම් ලැබීය.

මෙම විශිෂ්ට දස්කම් අගය කිරීම සඳහා, ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිසියේ බලකාධිපති, මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම විශිෂ්ට ජයග්‍රහණය අගය කිරීම 2023 දෙසැම්බර් 11 වන දින ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.