Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

29th November 2023 09:06:46 Hours

ශ්‍රීලයුපොහේබ රිදී පදක්කම්ලාභියාට සුබ පැතුම්

2023 ආසියානු PARA ක්‍රීඩා උළෙල චීනයේදී පවත්වන ලද අතර, ලෝක මට්ටමේ දස්කම් සමඟින් නව විනයාරක්ෂක පදක්කම්ලාභියෙක් මතු වී ඇත. ඔහුගේ ගමන අසමසම කැපවීම, දරා ගැනීමේ හැකියාව සහ දැඩි පුහුණුව මගින් සනිටුහන් වේ. බනි 11 දුලාන් කේඒඑස් – 5 ශ්‍රීලයුපොහේබ ජයග්‍රහණයට උපහාර දැක්වීම සඳහා ඔහුගේ අනාගතයට සුබ පැතීමට සහ ප්‍රශංසා කිරීමට විනයාරක්ෂක නිවසට කැඳවන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාවෙහිදී, ශ්‍රී ලංකා යුද හමුදාවේ විනයාරක්ෂාධිපති සහ මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි හි සියලුම නිලයන් සමඟ එක්ව කෘතඥතාව පළ කර, සාර්ථකත්වය සමරමින් සහ පදක්කම්ලාභියාට තවත් බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට පොළඹවන ලදී.