Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය
ආදර්ශයෙන් පෙරමුණ ගනිමු
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
කර්නල් සේනාවිධායක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂක අධ්‍යක්ෂක
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා ඉතිහාසය
හිටපු කර්නල් සේනාවිධායකවරුන්
හිටපු විනයාරක්ෂකාධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
අතීත මතකයන්
සංවිධානය
විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
පුහුණු මධ්‍යස්ථානය
පොලිස් හේවා බළකා ඒකක
හිටපු යුධ හමුදා පොලිස් නිලධාරීන්ගේ සංගමය
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
කර්නල් සේනාවිධායක
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
08th October 2023 17:00:01 Hours
යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පාසල වෙතින් ඒකක විනයාරක්ෂක පාඨමාලාවක් පවත්වයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති මෙන්ම යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරාල්ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ, හමුදා පොලිසියේ පාසල විසින් 2023 ඔක්තෝම්බර් 02 සිට සියලුම යුද හමුදා සෙබළුන් සඳහා ඒකක විනයාරක්ෂක පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මෙහිදි යුද හමුදා පොලිස් පාසලේ සේනාවිධායක කර්නල් ඩී ඩී ඩී සේරසිංහ යූඑස්පී විසින් ආරම්භක දේශනය පවත්වන ලද අතර, සෙබළුන්ගේ අදාළ ඒකකයේ සහ ආයතනවල රෙජිමේන්තු පොලිස් රාජකාරි ඉටු කිරීම වෙනුවෙන් සෙබළුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ඒකක විනයාරක්ෂක පාඨමාලාවේ අරමුණ පැහැදිලි කරන ලදී.
මෙම පාඨමාලාව රෙජිමේන්තු පොලිස් රාජකාරි, ලේඛන පරීක්ෂා කිරීම, භාරකාරත්වය, රඳවා තබා ගැනීම, හමුදා නීතිය, ඇඳුම් නියාමනය, අන්තර්ජාතික මානව හිමිකම් නීතිය සහ මානව හිමිකම්, විනය පවත්වා ගැනීම, නායකත්වය සහ කළමනාකරණය යන න්‍යායික සහ ප්‍රායෝගික අංශ වලින් සමන්විත විය.