Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th July 2023 12:27:39 Hours

දෙවන කාර්තුවේ නිලධාරී පුහුණු දින වැඩසටහන

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකාය විසින් සංවිධානය කරන ලද දෙවන කාර්තුවේ නිලධාරීන්ගේ පුහුණු දින උත්සවය 2023 ජුනි 23 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී නිලධාරීන් 75 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන ශ්‍රීලයුපොහේබ කර්නල් සේනාවිධායකගේ සහ ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රොවෝස්ට් මාර්ෂල්ගේ සංකල්පීය මගපෙන්වීම අනුව කටයුතු කිරීම සඳහා මෙම පුහුණු වැඩසටහන සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ යුද හමුදාපති මේජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි විසිනි.

පුහුණු සැසිය උදෑසන ශාරීරික පුහුණුවෙන් ආරම්භ වූ අතර ඉතිරි වැඩසටහනට කනිෂ්ඨ නිලධාරීන් සඳහා සරඹ පුහුණු සැසියක්, තනි පුද්ගල ඉදිරිපත් කිරීම්, කණ්ඩායම් ඉදිරිපත් කිරීම් ඇතුළත් වූ අතර, නිලධාරීන්ගේ පුහුණු දින සැසිය අවසානයේ, භෝජන සංග්‍රහය රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදි පැවැත්විණි.