Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th June 2023 11:09:21 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් යෝග පුහුණු සැසියක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් ඒ සි ඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 2023 ජුනි 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යෝගා පුහුණු සැසියක් සංවිධානය කරන ලදී.

මෙම යෝගා පුහුණු සැසිය ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් බලකායේ යුධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ශාරීරික කාර්යක්ෂමතාව සහ අධ්‍යාත්මික බව වැඩිදියුණු කිරීම වෙනුවෙන් පැවැත්වු අතර, මේ සඳහා සුදුසුකම් ලත් යෝග උපදේශකයෙකු වන බනි 1 ඩබ්ලිව් එම් පිඑස් වික්‍රමනායක - 1 ඉසෙරෙ බළලත් නිලධාරි විසින් යුද්ධ හමුදා පොලිස් නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 140 කට වැඩි පිරිසක් සඳහා මෙම වැඩමුලුව පවත්වන ලදි.