Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th May 2023 21:02:39 Hours

බලකාධිපතිගේ 4 ශ්‍රීලයුපොහේබ සංචාරය

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට ප්‍රථම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අප්‍රේල් මස 30 වැනි දින යාපනය - මයිලඩි ප්‍රදේශයේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි සංචාරය සිදු කරන ලදී. එම අවස්ථාවේ දී බලකාධිපති තුමන් පිළිගැනීම 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරී මේජර් කේ එන් ඉන්ද්‍රජිත් යුඑස්පි එල්එස්සි විසින් සිදු කරන ලද අතර, එහිදී හමුදා සම්ප්‍රධානුකූලව කඳවුරු සම්මාන මුරය, පැලයක් රෝපණය කිරීම, කඳවුරු සංචාරය, සියළු නිලයින් ඇමතීම හා සියළු නිල තේපැන් සංග්‍රහයක් පවත්වන ලදී.