Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st March 2023 15:15:39 Hours

විනයාරක්‍ෂාධිපතිගේ 1 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිනව විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023/03/29 වන දින 1 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බළකායේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙහිදී විනයාරක්‍ෂාධිපති තුමන් හට කඳවුරු ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී 1 ශ්‍රීලයුපොහේබ අණදෙන නිළධාරී වන මේජර් ඊඩබ්එච්එස් එරමුදුගොල්ල USP Psc විසින් පිළිගන්නා ලදී. අනතුරුව සරඹ භූමියේදී පරිවාරක රාජකාරි සඳහා යොදාගනු ලබන රථයන් පරික්ෂාවට ලක්කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගි විය.

පසුව, විනයාරක්‍ෂාධිපති තුමන් විසින් 1 ශ්‍රීලයුපොහේබ සියලු නිලධාරින් හා සෙසුනිලයින් ඇමතීමක් සිදු කරන ලද අතර, පුහුණුවක් ලබා ගැනීමේ වැදගත්කම, සොල්දාදුවන්ගේ පුද්ගලික විනය සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට එය බලපාන ආකාරය අවධාරණය කරන ලදී.

අනතුරුව 1 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරී විසින් විනයාරක්‍ෂාධිපති වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, කඳවුරු පරිශ්‍රයේ පවතින යටිතල පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා සංචාරය කළ අතර තවදුරටත් ප්‍රගතිශීලී වැඩිදියුණු කිරීම් සඳහා මාර්ගෝපදේශ ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 1 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරී මේජර් ඊඩබ්එච්එස් එරමුදුගොල්ල යූඑස්පී පීඑස්සී හා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ස්ථිර කාර්ය මණ්ඩලය සහභාගි වූහ.