Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 09:34:24 Hours

2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ හා සෙසුනිලයිින්ගේ උන්නතිය උදෙසා ඉදි කරන ලද බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල 2022 ඔක්තෝබර් මස 13 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරනු ලබන නිලධාරින්ගේ හා සෙසුනිලයිින්ගේ උන්නතිය උදෙසා ඉදි කරන ලද බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල 2022 ඔක්තෝබර් මස 13 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
මෙම උත්සව අස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වන ලුතිතත් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වන ලදී.
මෙම ව්‍යාපෘතිය ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මග පෙන්විම යටතේ සිදු කරන ලදී.
මෙම බහුකාර්ය සුභසාධක ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ එවකට අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි කරන ලද ලුතිතන් කර්නල් ආර් විතානාරච්චි යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ වත්මන් අණදෙන නිලධාරි වහයෙන් රාජකාරි කරනු ලබන මේජර් එන්පීඊඑන් නේරංගම යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම සන්නද්ධ සේවා සුභසාධක කාර්යංශයේ විධායක නිලධාරි වන විශ්‍රාමික ලුතිතන් කමාන්ඩර් ඩීඑම්එස් ජයවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පහසුකම් සලසා දෙන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා ආසේමු (නැ) ආඥාපත් මේජර් ජෙනරාල් ජීආර්ආර්එන් ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු, ඉනපෙ (නැ) මේජර් ජෙනරාල් එම්ඩබ්ටීසී මෙත්තානන්ද යුඑස්පී එන්ඩීසී, ඉනපෙ (උතුර) බ්‍රිගේඩියර් ඒසීඒ ද සොයිසා යුඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් බීඑල්ආර් බමුණුසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මේ සඳහා සහභාගි වන ලදී.