Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

19th April 2022 09:57:39 Hours

විනයාරක්ෂක සාමාජිකාවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම

1 ශ්‍රිලයුපොහේබ ඒකකය වෙත අයත් සෙ/681299 ලා/කෝ අමරසිංහ ඒඩීජී යන කොනොනිවරිය හට යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පූර්ණ නිවාස ව්‍යාපෘතිය යටතේ මුල්යන හා ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදි කිරිමට නියමිත නිවසෙහි මුල්ගල තැබීම 2022.04.07 වන දිනට යෙදී තිබු සුභ මොහොතින් රෙජිමේන්තු බලකාධිපති මෙන්ම ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් අංක 121, මහසෙන්පුර, දිවුලන්කඩවල යන ලිපිනයේදී පවත්වන ලදි.

මෙම නිවස ඉදිකිරිම 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් හා සියලු ශ්‍රීලයුපොහේබ ඒකක වල ශ්‍රම දායකත්වයෙන් ඒකක අණදෙන නිලධාරි වන මේජර් හර්ෂ එරමුදුගොල්ල යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය යටතේ නිම කිරිමට සැලසුම් කර ඇත. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලකාධිපති තුමන් මෙන්ම 1 වන සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරිවරුන් ඇතුලු සෙසුනිලයින් කිහිප දෙනෙකු සහභාගි වන ලදි.