Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

19th April 2022 09:47:27 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානගේ ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තු පාලන පරීක්ෂණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලක‌ායේ පාලන පරීක්ෂපණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්යණ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 29 වන දින පවත්වන ලදි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිගේ සම්ප්‍රාප්තිය බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර, මෙහිදි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත සම්ප්‍රධායානුකූල සම්මාන මුරයක්ද පිරිනැමීම සිදුකරන ලදි.

වෘත්තිය හමුදාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය පාලන සාධක සහ වගකීම් මෙන්ම, මෙම පාලන පරීක්ෂයණය ප්‍රධාන වශයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය ඒකක හා යුද්ධ හමුදා පොලිස් පාසලේ පාලන කටයුතු කෙරෙහි අවධානය යොමු කල අතර ඒහිදි සිදුවි ඇති අඩුපාඩු හා නිමනොවි පවතින සිදුවීම් සදහා විසදුම් ලබාදීම සදහා පියවර ගන්නා ලදි.

බලකාධිපතිගේ පිළිගැනීමේ කථාවෙන් අනතුරුව නියෝජ්ය මාණ්ඩලික ප්‍රධානි විසින් පාලන පරික්ෂණයේ වැදගත්කම පැහැදිලි කල අතර, එහිදි මෙහි පරමාර්ථය රෙජිමේන්තුවෙහි හා ඒකකයන්හි පාලනමය දුර්වලතාවයන් සෙවීම නොව පාලන කටයුතු විධිමත්ව සහ කාර්යක්ෂමව සිදුකිරිම සඳහා මූලික පාලන පරීක්ෂනණයේදි පෙන්වා දෙන ලද නීරීක්ෂණ සමථයකට පත් කිරිමටත්, ප්‍රසස්ථ අන්දමින් රෙජිමේන්තුවේ සහ ඒකකයන්හි පාලන කටයුතු සිදුකිරිමට අවැසි මඟ පෙන්වීම සහ උපදෙස් ලබාදීම අරමුණු පෙරදැරිව සිදුකරන බව පෙන්වා දෙන ලදි. මෙහිදි ආඥාපති භාකාස අණසක, පිරිස් පරිපාලන අධ්‍යක්ෂක ජෙනරාල්, අධ්‍යක්ෂකවරුන් හා මාණ්ඩලික නිලධාරින් විසින් පූර්ව පාලන පරීක්ෂඅණයට අදාළ ඔවුන්ගේ නීරීක්ෂණ හා යුද්ධ හමුදා ක්‍රියා පිළිවෙත් සභාගත කරන ලදි. පාලන පරීක්ෂණය අවසානයේ සියලු දෙනා විසින් දක්වන ලද දායකත්වය සහ ධනාත්මක හා සුභවාදි නිර්දේශ වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සහභාගි වූ අයවලුන් සඳහා ස්තූතිය පුදකරන ලදි.