Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

22nd October 2021 10:51:07 Hours

මුලික විනයාරක්‍ෂක පාඨමාලාව - අංක 79 ඉවත යාමේ උත්සවය

මෙම රෙජිමේන්තුව වෙත ඉඳුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 79 වෙත අයත් විනයාරක්‍ෂක සෙබලුන් 166 දෙනෙකු 2021/10/11 වන දින විසිර යන ලදි. මේ සඳහා මෙම පුහුණූ පාසලේ සේනාවිධායක කර්නල් සීවලී රාජනායක යන ජ්‍යෂ්ඨ නිලධාරි‍ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෂ්ඨ නිළධාරි සහභාගි විය.
මෙහිදී පහත නම් සඳහන් සෙසුනිලයින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් ඔවුන්ට හිමි ශූරතා පලිහ ලබා ගන්නා ලදී. දක්‍ෂතම කණ්ඩ භාර සැරයන් ලෙස සැරයන් ජයසේන ජේටීඊ ද, දක්‍ෂතම පෙල අණදෙන්නා ලෙස කෝප්‍රල් සේනානායක එස්එම්ඩීඑස් ද,සෑම අතින්ම දක්‍ෂතම සෙබලා ලෙස ආසෙ විජේසේකර ඒඑස්පි ද, දක්‍ෂතම වෙඩි තබන්නා ලෙස ආසෙ බණ්ඩාර එස්බිපීඑස් විසින් ද, සම්මාන ලබාගන්නා ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති බ්‍රිග්‍රේඩියර් ලක්‍ෂ්මන් බමුණූසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්‍ හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.