Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th September 2021 12:58:36 Hours

ඉනපෙ(මුලතිව්) ආඥාපති තනතුරේ රාජකාරි භාර ගැනීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ‍බළකාධිපති වන බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021/09/15 දිනට යෙදී තිබු සුභ මොහොතින් ඉනපෙ(මුලතිවු) හි 16 වන ආඥාපති ලෙස එම ධුරයේ රාජකාරි භාර ගන්නා ලදී. මෙහිදී ආඥාපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, ආගමික වතාවත් සිදු කිරිමෙන් අනතුරුව වැඩ භාර ගැනීම සිදු කරන ලදී.

තවද මෙම අවස්ථාව සංකේතවත් කිරිම සඳහා කඳවුර භූමිය ඉදිරිපිට පැළයක් රෝපණය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරින් හා සෙසු නිලයින් සහභාගි වන ලදී.