Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

30th January 2021 20:37:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් සෙසු නිලයින් සඳහා නව නිවාඩු නිකේතනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ (ශ්‍රීලයුපොහේබ) සෙසුනිලයින්ගේ සුභසාධන පහසුකම් තව දුරටත් වර්ධනය කරලීමේ උදාරතර සංකල්පයට අනුව මෙම රෙජිමේන්තු බලකාධිපති තුමන්ගේ මඟ පෙන්වීම මත විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් ඒඑම්ආර් අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මූලිකත්වයෙන් ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රාදේශියව සපයාගත් අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉදි කරන ලද සෙසුනිල නිවාඩු නිකේතනය 2021.01.27 වන දිනට යෙදුන සුභ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට කාර්ය සම්පාදක අණසක අඥාපති තුමන් මෙන්ම, ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් සෙසු නිලයිනගේ ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදි. මෙම අවස්ථාවට විනයාරක්ෂාධිපති බ්‍රිග්‍රේඩියර් අනිල් ඉලංගකෝන්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලක්ෂ්මන් බමුණුසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ජ්‍යෙකොනොනි ඇතුළු සෙසුනිලයින් පිරිසක් සහභාගී වන ලදී