Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th January 2021 08:57:47 Hours

5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 11 වන සංවත්සර සැමරුම

ආසේමු (කිලි) බල ප්‍රදේශයේ ස්ථාපිත 5 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ 11 වන සංවත්සරයට සමගාමිව උත්සව මාලාවක් 2020 දෙසැම්බර් මස 24 වන දින සිට 28 වන දින දක්වා 5 ශ්‍රීලයුපොහේබ ඒකක මුලස්ථානයේදි පැවැත්විණි.

ඒ අනුව ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් 2020 දෙසැම්බර් මස 24 වන දින ඒකක අණදෙන නිලධාරි ප්‍රමුඛ ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මුරුක්කණ්ඩි කෝවිලෙහි පුජාවක් සහ 2020 දෙසැම්බර් මස 26 වන දින මෙම ඒකක පන්සල් භූමියේදි බෝධිපූජා පිංකමක් ද පැවැත්විණි.

සංවත්සර දින උත්සවයට සමගාමීව 2020 දෙසැම්බර් මස 28 වන දින 5 ශ්‍රීලයුපොහේබ ඒකක අණදෙන නිලධාරි තුමන් වන ලුතිතන් කර්නල් ඩිල්ශාන් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඒකක භට පිරිස් විසින් කඳවුරු මුරයක් පිරිනැමු අතර, එතුමන් විසින් සියලු නිලයින් ඇමතීම සිදු කල පසු සියලු නිල දිවා භෝජන සංග්‍රහය සදහා සහභාගි විය.

තවද සංවත්සර උත්සව දිනට සමගාමීව කිලිනොච්චිය ප්‍රදේශයේ වසන්ත නගර් ග්‍රාමයේ ජීවත්වන අඩු ආදායමි ලාබිි පවුලක් තෝරාගෙන ඔවුන් සඳහා අවැසි වියලි සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පාසැල් උපකරණ 5 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ප්‍රමුඛ ඒකකයේ සියලු නිලධාරින් හා සෙසුනිලයින් විසින් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදි.