Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th December 2020 09:44:02 Hours

වාර්ෂික පොත් බෙදාදීමේ උත්සවය - 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්‍ෂක කාන්තා සමාජය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පාසල් පොත්, බෑග් සහ පාසල් උපකරණ බෙදාදීම මෙම රෙජිමේන්තුව, ඒකක සහ පුහුණු පාසල යටතේ සේවය කරනු ලබන සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ පාසල් යන වයසේ සිටින දරුවන් 163 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කරන ලදි.

දැනට රට තුල පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොට ගෙන සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එහි සංකේතාත්මක පාසල් පොත්, බෑග් සහ පාසල් උපකරණ බෙදාදීම විනයාරක්‍ෂක කාන්තා සමාජයේ සභාපතිනිය වන රත්නමාලි ප්‍රේමලාල් මැතිනියගේ සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 12 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය පොල්හේන්ගොඩ හීදී පවත්වන ලදී.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ස්ථාපිතව ඇති මෙම රෙජිමේන්තුව වෙත අයත් ඒකක සහ පුහුණු පාසලේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් සඳහා පාසල් පොත්, බෑග් සහ පාසල් උපකරණ බෙදා දීම එම ඒකක මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තවද මෑතකදි තුන් නිවුන් දරුවන් සඳහා පීතෘත්වය ලද මෙම රෙජිමේන්තුවේ සේවය කරන සෙ/678024 සැරයන් කරුණාතිලක කේකේඩබ්ඒඑස් - 2 ශ්‍රීලයුපොහේබ සහ සෙ/679722 කෝප්‍රල් නන්දසිරි එච්ඩබ්ජිටිඑල් - 4 ශ්‍රීලයුපොහේබ ජ්‍යෙකොනොනි සහ කොනොනි සඳහා මූල්‍යාධාර කිරීමක්ද මෙම සංකේතාත්මක උත්සවයට සමගාමීව සිදුකරන ලදි.