Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th December 2020 16:28:16 Hours

ආඥාපති ඉනපෙ(කිලි) බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 5 ශ්‍රීලයුපොහේබ සංචාරය

ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) ආඥාපති බ්‍රිගේඩියර් පියල් නානායක්කාරවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 05 වන දින කිලිනොච්චිය මුරුක්කණ්ඩි හි ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක් සිදු කරන ලදී

ඒකක මූලස්ථානය වෙත පැමිණි ආඥාපතිතුමන් පිලිගැනීම, 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි තුමන් වන ලුතිතන් කර්නල් ඩිල්ෂාන් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදී

ඉන් අනතුරුව ඉනපෙ(කිලි) ආඥාපතිතුමන් සියලු නිලයින් සමග සමූහ ඡායාරූපයට පෙනී සිටි අතර, ඒකක සංචාරය සනිටුහන් කිරිම සදහා ඉනපෙ(කිලි) ආඥාපතිතුමන් සඳුන් පැළයක් රෝපණය කරන ලදී