Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

22nd April 2020 15:29:41 Hours

3 ශී‍්‍රලයුපොහේබ දන් දීමේ වැඩසටහන

කොරෝනා වෛරසය රට තුල පැතිර යන මෙවන් අවදානම් සහගත කාලවකවානුවක රට තුල ඇති විය හැකි රුධිර හිඟයට සහයෝගයක් වශයෙන් 3 වන ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුලු නිලධාරි භට පිරිස් විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් 2020 අ‍පේ‍්‍රල් මස 21 වැනි දින එම මූලස්ථාන පරිශ‍්‍රයේදි පවත්වන ලදි. මෙය ඉනපෙ (උ/මැ) ආඥාපති මෙන්ම ශී‍්‍රලයුපොහේබ බලකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් ඒල්පිආර් පේ‍්‍රමලාල් යූඑස්පි තුමන් සහ මෙම ඒකක පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර ගේ උපදෙස් හා මග පෙන්වීම මත සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා ඒකකයේ භට පිරිස් රුධිරය ලබා දීමෙන් සහයෝගය ලබා දුන්හ.