Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th April 2019 08:26:57 Hours

29 වන රෙජිමේන්තු දින සැමරුමට සමගාමීව පවත්වන ලද බෝධිපුජා පිංකම

වර්ෂ 1990 අපේ‍්‍රල් මස 19 වන දින ආරම්භ කරන ලද අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 29 වන රෙජිමේන්තු දිනයට සමගාමීව පවත්වන්නට යෙදුන උත්සව මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් 2019 අප්‍්‍රල් මස 19 වන දින බෝධි පුජා පිංකමක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ස්ථාපිත බුදු මැදුර අභියස මෙම පිංකම පවත්වන ලදි.

මෙම මහගු පිංකම වෙනුවෙන් භකාස ආඥාපති මෙන්ම, ශී‍්‍රලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගි වන ලදි.