Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

19th December 2018 12:07:31 Hours

වාර්ෂික පාසල් අභ්‍යාස පොත් බෙදා දිමේ වැඩසටහන - සේවා වනිතා ශාඛාව රෙම ශ්‍රීලයුහපොහේබ

2019 අධ්‍යන වර්ෂය සදහා මෙම රෙජිමේන්තුව වෙත අයත් දැනට සේවයේ යෙදිසිටින/මියගිය /අතුරුදහන්/ ආබාධිත සියලු නිළයින්ගේ හා සිවිල් සේවක මහත්ම මහත්මින්ගේ පාසල් යන දූදරුවන් 1683 දෙනෙකු හට රුපියල් මිලියන 1.9 කට ආසන්න වටිනාකමකින් යුත් පාසල් අභ්‍යාස පොත් 25,558 බෙදා දිමේ වැඩසටහනක් මෙම මධ්‍යස්ථාන සේවා වනිතා ශාඛාව මගින් සංවිධානය කළ අතර එහි සංකේතාත්මක උත්සවය 2018.12.05 වන දින බළකාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරි, ඒකක අණදෙන නිළධාරින් හා සේවා වනිතා ශාඛා ගරු සභාපතිනිය වරුණි උභයවර්ධන ප්‍රමුඛ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම මධ්‍යස්ථාන කොනොනි සමාජ ශාලාවේදි පවත්වන ලදි. එහිදි අප රෙජිමේන්තුවේ සෙසු නිළයින්ගේ දුවා දරුවන් විසින් තම ගායන, නර්ථන, නිවේදන හැකියාවන් එළි දැක්වීමේ ප්‍රසංගයක් පවත්වමින් උත්සව අවස්ථාව වර්ණවත් කරන ලදි.