Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st September 2018 10:07:43 Hours

බලකාධිපති තුමාගේ 6 ශ්‍රීලයුහපොහේබ සංචාරය

යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2018 සැප්තැම්බර් මස 14 වන දින 6 ශ්‍රීලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී. 6 ශ්‍රීලයුහපොහේබ ඒකකය වෙත පැමිණි බලකාධිපති තුමන් ඒකකයේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් එම්එම්ඩබ් රූපසිංහ යන ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව බලකාධිපති වෙත කදවුරු මුරයක් පිරිනමන ලදී. අනතුරුව නවතමයෙන් ඉදිකල බනි හා සැරයන් නිවස්නය බලකාධිපති තුමන් විසින් විවෘත කිරීමෙන් පසු සංචාරය සනිටුහන් කරමින් පැලයක් රෝපණය කල අතර, ඉන් පසු සියලූ නිලයින්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග්‍රහයක් සියලූ නිලයින් අමතන ලදී. ඒකකයේ නිරික්ෂණ සංචාරයේ නිරතවු බලකාධිපතිතුමන් හට සංචාරය සිහිවීම සදහා අණදෙන නිලධාරි විසින් සමරු සිහිවටනයක්ද ලබා දෙන ලදී.