Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st September 2018 09:55:51 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ 6 ශී‍්‍රලයුහපොහේබ සංචාරය

මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පි පොඩිරාළහාමි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 අගෝස්තු මස 21 වන දින 6 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී. 6 ශී‍්‍රලයුහපොහේබ ඒකකය වෙත පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඒකකයේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් එම්එම්ඩබ් රූපසිංහ යන ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත කදවුරු මුරයක් පිරිනමන ලදී. අනතුරුව සංචාරය සනිටුහන් කරමින් පැලයක් රෝපණය කල අතර ඉන් පසු සියලූ නිලයින්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග‍්‍රහයක් පවත්වා සියලූ නිලයින් අමතන ලදී. ඒකකයේ නිරික්ෂණ සංචාරයේ නිරතවු මධ්‍යස්ථාන සේනාවිධායක සංචාරය සිහිවීම සදහා අණදෙන නිලධාරි විසින් සමරු සිහිවටනයක්ද ලබා දෙන ලදී.