Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th August 2018 14:45:29 Hours

18 වන වාර්ෂික මහා සභා රැස්වීම - රෙම: සේවා වනිතා ශාඛාව

මෙම රෙජිමේන්තු 18 වන වාර්ෂික මහා සභා රැස්වීම 2018.08.26 වන දින මෙම ශාඛා ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා හිටපු සභාපතින්යන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා මෙම ශාඛා සමාජිකාවන් 40 ගේ සහභාගීත්වයෙන් යුතුව රෙම: නිළධාරී නිවස්නයේදී පවත්වන ලදි. එහිදී සෙ/90996 ලා/කෝ සුජන්ත ඩබිඑචි (මියගිය) - 3 ශ්‍රීලයුහපොහේබ යන සෙනීගේ බිරිඳ හට අඩක් නිම කර ඇති නිවසේ මූලික අංග සාදා නිමකර ගැනීම සඳහා රු:300000.00 ක මුදලක්ද, රෙම: නිළධාරී නිවස්නයේ රාජකාරී කරනු ලබන අනියමි භෝජනාගාර සේවිකා එචිඩීඑල්එස් වතුරිකා මහත්මියගේ ස්නායු ආබාධයකින් පෙලෙන ඇගේ මව හට වෛද්‍යධාර සඳහා රු:50000.00 ක මුදලක්ද පරිත්‍යාග කරන ලදි.

මෙහිදී ඉදිරි වර්ෂය සඳහා පහත සඳහන් පරිදි නව නිළධාරී මණ්ඩලය පත් කරන ලදි.
උප සභාපතිනි - ශ්‍යාමලි පොඩිරාළහාමි
ලේකම් - දිනූෂා වල්ගම මැතිණිය
භාණ්ඩාගාරික - රත්නමාලී පේරෂා මලාල් මැතිණිය
මහජන සමිබන්ධතා නිළධාරීණී - ඉනෝකා ඉලංගකෝන් මැතිණිය
උප ලේකම් - මනීෂා සලේ මැතිණිය
උප භාණ්ඩාගාරික - තාමසී අබේසිංහ මැතිණිය

තවද මෙම වාර්ෂික මහා සභා රුස්වීමට සමගාමීව මනෝ වි, මෙහෙයුම් අධ්යමක්ෂම මණ්ඩලයෙහි රාජකාරී කරනු ලබන මේජර් බීජීඑස් සමන්ති යන නිළධාරීණිය විසින් සේවා වනිතා සාමාජිකාවන් හට පවුල් සබඳතා පිළිබඳව දේශනයක් පවත්වන ලදි.