Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th July 2018 20:56:39 Hours

නව නිපැයුම් ප්‍රදර්ශණය හා තරඟාවලිය - 2018

ආසේමු (බටහිර) වෙතින් සංවිධානය කරනු ලැබු නව නිපැයුම් ප්‍රදර්ශණය හා තරගාවලිය ආසේමු (බටහිර) ආඥාපතිගේ ප්‍රධානත්ව‍යෙන් 2018.07.06 වන දින හෝරා 0900 පැයට ආසේමු ( බටහිර) වෙතින් පැවැත්වීමට කටයුතු කරන ලද අතර , ඒහිදි මෙම රෙජිමේන්තුව වෙතින් ඉදිරිපත් කරන ලද නව නිර්මාණ සදහා ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථානය හිමි කර ගන්නා ලදි.

ඒ අනුව ප්‍රථම ස්ථානය 1 ශ්‍රීලයුහපොහේබ වෙතින් නිර්මාණය කරන ලද පොලිතින් මුද්‍රණ යන්ත්‍රයට හිමි වු අතර, එම යන්ත්‍රය සෙ/676885 මා/සැ මහානාම එච්ජිඑස්, සෙ/676225 සැරයන් පුෂ්ප කුමාර ඩබ්ජිසි හා සෙ/678180 ලා/කෝ චතුරංග එස්එන්ඩි විසින් නිර්මාණය කරන ලදි.

එසේම දෙවන ස්ථානය රෙජිමේන්තු පාලන කණ්ඩායම වෙතින් නිර්මාණය කරන ලද බිත්තර රක්කන රාක්කය සදහා හිමි වු අතර, එම යන්ත්‍රය සෙ/676486 කෝප්‍රල් පුෂ්ප කුමාර විසින් නිර්මාණය කරන ලදි.