Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th June 2018 14:20:12 Hours

මුල්ලේරියාව අතරමැදි නිවස්න සංචාරය - රෙම ශ්‍රීලයුහපොහ්බ සේවා වනිතා ශාඛාව

මෙම මධ්‍යස්ථාන සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ සහ සාමාජිකාවන් 14 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ වාටිටු අංක 06 හි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් සොයා බැලිමෙි සංචාරයක් 2018.06.10 වන දින සිදු කරනු ලැබීය. එහිදී නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන් 46 දෙනෙකු සඳහා ඔවුන්ගේ දෛනික පරිහරණය සදහා අවැසි රු:28,980.00 ක් පමණ වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් 46 ක් හා එම වාටිටුව වෙත රු: 25,000.00 ක් වටිනා රෝද පුටුවක්ද රෝගීන්ගේ පරිහරණය සඳහා රු: 4500.00 ක් වටිනා සින්ක් එකක්ද පරිත්‍යාග කරනු ලැබූ අතර ඔවුන්ගේ රසවින්දනය උදෙසා සංගීත වැඩසටහනක් ද පලතුරු සංග්‍රහයක්ද, ප්‍රනීත දිවා ආහාර වේලක් ද ලබාදෙන ලදි. මෙම සංචාරය 5 ශ්‍රීලයුහපොහ්බ ඒකක අණදෙන නිළධාරීතුමා ඇතුලු නිලධාරි මණ්ඩලය විසින් සංවිධානය කල අතර රෙජිමේන්තු බලකාධිපති තුමන්ගේ පුර්ණ මග පෙන්විම මෙි සදහා ලබා දෙන ලදි.