Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th April 2018 10:41:51 Hours

41, 42 සහ 43 විනයාරක්‍ෂකයින්ගේ විශ්‍රාමික සාදය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අමිල මෙහෙවරක් ඉටුකරන ලද 41, 42 සහ 43 වන විනයාරක්‍ෂකයින් වෙනුවෙන් 2018 මාර්තු මස 23 වන දින විශ්‍රාමික සාදයක් පවත්වන ලදි. මෙම සාදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයරක්‍ෂකාධිපති වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක හා ශ්‍රීලයුහපොහේබ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය. තවද, මෙම උත්සවය සඳහා විශ්‍රාමික විනයාරක්‍ෂකයින්ගේ පවුල් වල සමාජිකයින්ද සහභාගි විය.