Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th March 2018 14:54:40 Hours

ජාතික වෙරළ කබඩි තරගාවලිය - 2018

ජාතික වෙරළ කබඩි තරගාවලියේ අවසන් මහ තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය 2018 මාර්තු මස 17 වන දින තංගල්ල වෙරළ තීරයේදි පවත්වන ලදි. “ඒ” කාණ්ඩයට අයත් තරගාවලියට සහභාගි වු අප රෙජිමේන්තු කණ්ඩායම අනුශූරයන් බවට පත්වු වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමග තියුනු තරගයකට මුහුන දෙන ලදි.

මෙම තරගාවලිය දින දෙකක් මුලුල්ලේ තංගල්ල වෙරළ තීරයේ පැවැත්වු අතර, අදාල තරගාවලිය හම්බන්තොට දිස්ත්‍රික්ක කබඩි සංගමය විසින් සංවිධානය කරන ලදි. එමෙන්ම මෙම තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම රෙජිමේන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පී පොඩිරාළහාමි යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවන ලදි.