අණදෙන නිලධාරි

කර්නල් එච්ඒඑච්සී අල්විස් යුඑස්පී
ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමත් සමගින්, රාජකීය යුද හමුදා පොලිස් බලකායද ශ‍්‍රී ලංකාව තුල රාජකාරීන් සඳහා අනුයුක්ත කරවනු ලැබ ඇති අතර, ස්වදේශකයින් බඳවාගැනීමේ කාර්්‍යයන් ද ඒ හා සමගාමීව අරඹනු ලැබ ඇත. 1948 පෙබරවාරි මස 04 දින ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබ 1949 ඔක්තෝම්බර් මස 10 දින අංක 17 දරණ, යුද්ධ හමුදා පනත ප‍්‍රකාශයට පත්වීමෙන් පසු ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය නාමයෙන් හදුන්වා ඇති මෙම ඒකකය, ශී‍්‍ර ලංකාව ජන රජයක් ලෙස ව්‍යවස්ථාගත වීමෙන් පසු ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය යනුවෙන් වු නිල නාමය පිරිනැමීම සිදුවී ඇත.
එමෙන්ම ලේඛණගත දත්තයන්ට අනුව ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් ඒකක මුලස්ථාන යටතේ විශේෂ විමර්ශන ශාඛාවක් 1964 වර්ෂයේදි ස්ථාපිත කරනු ලැබ ඇති අතර, ප‍්‍රථම නිලධාරි අණදෙනවරයා ලෙස කටයුතු කරනු ලැබ ඇත්තේ කපිතන් එෆ්ඩබිඒ ඩයස් නම් නිලධාරිවරයා වේ. ඉන්පසු රෙජිමේන්තු විශේෂ විමර්ශන ශාඛාව මින් හඳුුන්ව ඇත.
යුද්ධ හමුදා නිලයින් සබැඳි සියළුම බරපතල ගණයේ නීති විරෝධි ක‍්‍රියාවන්/අපරාධ ක‍්‍රියාවන්/ සංග‍්‍රාම්ක දේපල සම්බන්ධ බරපතල වරදවල් මෙන්ම අතිශය සංවේදිව සහ විශේෂ අවධානයක් යොමුකල යුතු වු බවට යුද්ධ හමුදාධිපතිවරයා විසින් හෝ විනයාරක්ෂකාධිපති විසින් වර්ගීකරණයට ලක්කරනු ලබන විෂයයන් සම්බන්ධයෙන් මුලික විමර්ශන කාර්යයන්, මෙම ආයතනය වෙත පැවරිම වත්මන් සම්මත පිලිවෙත්ගත නියමය වී ඇත. 1997 ජුනි මස 06 දින ස්ථාපිත කරනු ලැබ ඇති ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන විෂයපථය සහ ඒ සමගින් බැඳෙන සෙසු සියළු කරුණු නවීන සම්මත විමර්ශන ක‍්‍රමවේදයන් යටතේ අදාල කාර්යභාරය ස්ථාවරව මෙන්ම, අනගිභවනීයවද ඉටුවෙමින් පවතින බවත් පැහැදිලි වේ.
හිටපු අණදෙන නිලධාරිවරුන්

බි‍්‍රගේඩියර් ඒබි තෝරදෙනිය යුඑස්පී
(1997.06.06 - 1999.09.21)

බි‍්‍රගේඩියර් ඒකේඒඑන්එස්කේඒ ධර්මරත්න
(1999.04.21 - 2004.11.08)

කර්නල් ඊකේජේකේ විජයසිරි එල්එස්සී
(2004.11.08 - 2005.10.02)

කර්නල් පිබිඩි ඩයස් යුඑස්පී එල්එස්සී
(2005.10.10 - 2006.11.13)
(2007.07.16 - 2009.01.23)

බි‍්‍රගේඩියර් වීඑන් කොස්වත්ත ආර්එස්පී
(2006.11.17 - 2007.07.16)

කර්නල් සීඑස් ඇටිපොල එල්එස්සී
(2009.01.23 - 2010.02.24)

කර්නල් ඒඑස්පී පොඩිරාළහාමි
(2010.02.24 - 2012.10.27)

කර්නල් එච් වල්ගම යුඑස්පී
(2012.10.27 - 2014.01.08)

කර්නල් ඒඑල් ඉලංගකෝන්
(2014.01.02 - 2016.11.24)

කර්නල් ඒසිඒද සොයිසා යුඑස්පි එල්එස්සි
(2016.11.24 - 2019.09.30)

කර්නල් ඒඑම්ආර් අබේසිංහ
(2019.10.10 TO 2022.10.05)

කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර
(2022.10.06 TO 2024.10.18)

කර්නල් ඊඑම්අයි ඒකනායක
(2024.10.18 TO 2025.02.21)