යුද හමුදා පොලිස් ප්රවීණයන්ගේ සංගමය 1989 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර, සංගමයේ පළමු සභාපතිවරයා ලෙස කපිතන් එච් එම් පී ගුණතිලක යන නිළධාරිදල පළමු ලේකම්වරයා ලෙස බනි 1 ඞී වලිසුන්දර විසින්ද හොබවා ඇත. මේ වන විට සාමාජිකයින් 229 දක්වා මෙම සංගමය ව්‍යාප්ත වී ඇත. මෙහි වර්තමාන සභාපතිවරයා ලෙස ලූතිතන් කර්නල් එස් පී ඒ කේ සියඹලාපිටිය පීඑස්සී එල්එස්සී ද, වර්තමාන ලේකම්වරයා ලෙස ලූතිතන් ඞී යු ඒ ජයසුරිය කටයුතු කරනු ලබයි.
මෙම සංගමය විසින් විශ්‍රාම ලබා සිටින යුද හමුදා පොලිස් හේවා බලකායේ නිළධාරි/සෙසුනිලයින්ගේ පවුල් සඳහා සුවිශාල සුභසාධන කටයුතු රැසක් ඉටුකරනු ලබන අතර ඉන් කිහිපයක් පහත දක්වා ඇත.
** ගිලන්වු/රොහල්ගතවු/වයෝවෘධ/ආබාධිත අයවලූන්ගේ සුවදුක් බැලීම. ** මියගිය සාමාජිකයින් වෙනුවෙන් දානමය පිංකම් සිදුකිරීම. ** කුසලතා ඇගයීම. ** රණවිරු වැඩිහිටි නිවාසයට ආධාර ලබාදීම. ** පොපි මල් ව්‍යාපෘතිය.

