Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

5 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

අණදෙන නිලධාරි


ලුතිතන් කර්නල් බීජීඑස්එම් බෝගහවෙල යූඑස්පී පීඑස්සී


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතට වසර 60 ක් සපිරෙන කාලවකවානුවක රෙජිමේන්තුවේ දියුණුව විදහාලමින් නිළධාරින් 08 ක් හා සෙසුනිළයින් 225 කින් සමන්විත නව ඒකකයක් ලෙස 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 2009/12/28 දින ආරමිභ කිරිම සඳහා යුහමු අනුමැතිය ලබාදෙමින් පසු 2010/04/10 වන ඒකකයක් ලෙස නගා සිටවන ලදි. පසුව 2010/06/05 වන දින එවකට එල්ටිටිඊ සංධානයේ දේශපාලන කාර්යාලය ස්ථාපිත කර තිබු කනකමිබියකුලමි කිලිනොචිචිය කදවුරේ නිළ වශයෙන් 5 වන ශ්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා ධජය යුද හමුදා පොලිස් හේවා බලකා අධිපති බ්‍රිගේඩියර් ඊ කේ කේ විජයසිරි එල්ඵස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් යුද හමුදා පොලිස් හේවා බලකායේ සියලූම ජ්‍යෙෂ්ඨ නිළධාරින් ගේ මෙන්ම 1 ශ්‍රිලයුපොහේබ, 2 ශ්‍රිලයුපොහේබ, 3 ශ්‍රිලයුපොහේබ, 4 ශ්‍රිලයුපොහේබ, විවිඒ, යුහපොපා සියලූ නිළයින්ගේ ආශිර්වාදය මැද ඒකක ධඡය ඔසවා උත්සවාකාරයෙන් නගා සිටුවන ලදි.

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 2009/12/28 දින ආරමිභ කිරිම යුහමු අනුමැතිය ලබාදීමෙන් පසු 2010/04/10 වන දින පළමු ඒකක අණදෙන නිළධාරි වශයෙන් ලූතිතන් කර්නල් එමි කේ එමි පරාක්‍රම යන ජ්‍යෙෂ්ඨ නිළධාරි වැඩ භාරගන්නා ලද අතර, කිලිනොචිචි සහ මුලතිවි බල ප්‍රදේශ ආවරණය වන අයුරින් විනයාරක්ෂක රාජකාරි ඉටු කිරිම පිණිස කිලිනොචිචිය බල ප‍්‍රදේශය තුල 37 වන විනයාරක්ෂක කණ්ඩායම, ආසේමු(කිලි) - 57 සේමු විනයාරක්ෂක කණ්ඩායම, 65 සේමු විනයාරක්ෂක කණ්ඩායම, 58 සේමු විනයාරක්ෂක අංශය, 66 සේමු විනයාරක්ෂක අංශය, 53 සේමු විනයාරක්ෂක අංශය සහ ඉනපෙ (කිලි) විනයාරක්‍ෂක අංශය ලෙසද මුලතිවි බල ප්‍රදේශය තුල 38 වන විනයාරක්ෂක කණ්ඩායම ආසේමු (මුල) - 59 සේමු විනයාරක්ෂක කණ්ඩායම, 68 සේමු විනයාරක්ෂක කණ්ඩායම හා 64 සේමු විනයාරක්ෂක අංශය වශයෙන්ද නිළධාරින් 08 ක් හා සෙසුනිළයින් 225 කින් සමන්විතව ඒකකය ආරමිභ කරන ලදි. ඒකක මුලස්ථානය නිළධාරි 04 කින් හා සෙසු නිළයින් 32 කින් යුතුව 2010/06/05 වන දින එවකට එල්ටිටිඊ සංවිධානයේ දේශපාලන කාර්යාලය ස්ථාපිත කර තිබු ඉරණමඩු සිතියම් ග්‍රිඩි අංක: 606558 දරණ ස්ථානයේ අංක 154 කනකමිබියකුලමි, කිලිනොචිචිය යන ලිපිනයේ නිළ වශයෙන් 5 වන ශ්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය පිහිටු වනු ලබන අතර, අනතුරුව මෙම ඒකකය ආසේමු (කිලි) වෙතින් යුද හමුදා ඡනපදය, කිලිනොචිවිය වෙත වෙන් කරන ලද භූම් ප‍්‍රදේශයේ ඉරණ මඩු සිතියෙම් ග්‍රිඩි අංක: 601611 දරණ ස්ථානයේ තිරුමුරුක්කන්ඩියල කිලිනොචිචිය යන ලිපිනයේ අක්කර 192 පචස් 68 කින් යුත් භුමි ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරිම සඳහා 2010/10/11 වන දින යෙදුනු සුභ මොහොතින් එවකට අණදෙන නිළධාරිව ලූතිතන් කනල් එමි කේ එමි පරාක්‍රම විසින් මංගල පස්පිඩැල්ල කපා වැඩ ආරමිභ කරන ලදි. අනතුරුව ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තුව වෙත ඇතුලත් වන ලද 66 වන විනයාරක්ෂක පාඨමාලාව වෙත අයත් ආධුනික සෙබළ / සෙබළියන් 192 දෙනෙකු පුහුණුවිමි කටයුතු සඳහා 2012/02/11 වන දින මෙම ඒකකය වෙත යා කරන ලද අතර, මෙම ඒකකය යටතේ පවත්වනු ලබන ප්‍රථම ආධුනික පාඨමාලාව වශයෙන් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා ඇවැසි මුලික පහසුකම්, සනිපාරක්ෂක පහසුකමි මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපයමින් ඒකකයක් ලෙස රෙජිමේන්තුව වෙත ඇතුලුවන ලද නව භඨ පිරිස් වෙත සාර්ථක ආධුනික විනයාරක්‍ෂක පාඨමාලාවක් හැදැරිම සඳහා අවස්ථාවක් උදාකර දෙන ලදි.

මෙසේ ඒකකයක් වශයෙන් දිනෙන් දිනම සාර්ථක ගමනකට යොමුවන ලද මෙම ඒකකය වෙත ආසේමු(කිලි) ජනපදය තුල වෙන් කරන ලද අක්කර 162 ක් හා පර්චර්ස් 68 ක භූමි ප්‍රදේශයේ මෙම ඒකකය ස්ථාපිත කර ඇත. මෙම ඒකකය කනකමිබියකුලමි, කිලිනොචිචියෙහි ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා ඒකකයේ උන්නතිය වෙනුවෙන් හිටපු අණදෙන නිළධාරිවරුන් ඇප කැපවි කටයුතු කල අතර සහෝදරත්වයෙන් හා එකමුතුව උපන් දේශය වෙනුවෙන් සක්‍රීය ලෙස තමන්ගේ දායකත්වය ලබා දෙමින් මවු බිමේ ස්වෛරිභාවය වෙනුවෙන් “ ආදර්ශයෙන් පෙරමුණ ගනිමු" යන ආදර්ශ පාඨයට අභිමානයක් එක් කරමින් පැවරෙන රාජකාරි මනා කැපවීමකින්, ධෛර්යයෙන් හා ශික්ෂණයකින් යුතුව ඉටු කර ඒකකයේ මෙන්ම රෙජිමේන්තුවේද ගෞරවනාමය ආරක්ෂාකර ගනිමින් දැනට සාර්ථකව ඉදිරි ගමනක නියලි ඇත.

මෙසේ ආරම්භ කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකය වර්තමානයේ එනම් 2025 ජූලි මස 02 වන දින සිට හෝමාගම, හබරකඩ, බතලවත්ත හි අලුතින් පිහිටුවන ලද කඳවුරු පරිශ්‍රයේ නිල වශයෙන් සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එය ඒකකයේ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.

හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුතිතන් කර්නල් එම්කේඑම් පරාක‍්‍රම
(2009-12-28 - 2011-03-26)

ලුතිතන් කර්නල් ජේඑච්ජේ නිශාන්ත
(2011-03-26 - 2014-01-08)

ලුතිතන් කර්නල් ඒඑම්ආර් අබේසිංහ
(2014-01-18 - 2017-07-04)

ලුතිතන් කර්නල් එච්ඒඑච්සි අල්විස්
(2017-07-04 - 2020-02-06)

ලුතිතන් කර්නල් පීඩීඅයි පෙරේරා
(2020-04-20 - 2022-05-05)

මේජර් අයිඑම්කේ සුද්දාගල
2022.05.06 - 2024.08.05