Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

4 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

අණදෙන නිලධාරි


මේජර් ඩබ්ලිව්ඩිසි සිරිවර්ධන පිඑස්සි එල්එස්සී


යාපනය අර්ධද්වීපයේ පලාලිහි ස්ථාපිත කර තිබු 21 වන බලසේනා මුලස්ථානයේ ශී‍්‍රලයුපොහේබ රාජකාරීන් ඉටු කිරීම සදහා 2 ශී‍්‍රලයුපොහේබ වෙතින් කපිතන් එච් වීරසිංහ යන නිලධාරිගේ අණදීම යටතේ සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත භඨපිරිසක් එවකට පලාලි හි ස්ථාපිතව තිබු 21 වන බලසේනා මුලස්ථානය වෙත පැමිණ ශී‍්‍රලයුපොහේබ කණ්ඩායමක් වශයෙන් වර්ෂ 1992.01.20 වන දින සිට රාජකාරි ඉටු කිරීම ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව එම ශී‍්‍රලයුපොහේබ රාජකාරි තව දුරටත් පුුළුල් කරමින් කන්කසන්තුරය නාවික වරාය වෙතින් යුධ හමුදා සාමාජිකයින් ගමන් පහසුකම් ලබා ගැනීම හේතුවෙන් එහි රාජකාරි සදහා 21 වන බලසේනා මුලස්ථානයේ ශී‍්‍රලයුපොහේබ කණ්ඩායම වෙතින් ජේ්‍යකොනොනියෙකු හා කොනොනීන් 04 දෙනෙකුගෙන් සමන්විත ශි‍්‍රලයුපොහේබ අංශයක් ස්ථාපිත කරන ලදි. 1994.03.19 වන දින 21 වන බලසේනා මුස්ථානය 1 වන කාර්ය සේනාංකය වශයෙන් ස්ථාපිත කිරීමෙන් පසු එවකට යාපනය අර්ධද්වීපයේ පැවති ක‍්‍රියාන්විතයන් වෙනුවෙන් භකාස කාර්යයන් ඉටුකරලීම පිණිස නිලධාරී අණදෙන භට පිරිස් නියෝජ්‍ය විනයාරක්‍ෂාධිපති මුලය ලෙස 1995 ජුලි මස 19 වන දින ලූතිතන් කර්නල් ඩබ්එස්ඩබ් සේනානායක යූඑස්පි යන ජේ්‍යෂ්ඨ නිලධාරිගේ අණදීම යටතේ නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසුනිලයින් 120 දෙනෙකු සමගින් කන්කසන්තුරය දුම්රිය පොල පිහිටි භූමිය තුල ස්ථාපිත කරන ලදි. 1995 වර්ෂයේ රිවිරැුස මෙහෙයුම කි‍්‍රයාත්මක වීමත් සමගම එහි භට පිරිස් ස්ථානගත කිරීම සදහා 51, 52, හා 53 යන සේනාංක 03 ක් ස්ථාපනය කරන ලද අතර, එම සේනාංකයන්හි ශී‍්‍රලයුපොහේබ රාජකාරි ඉටු කිරීම සදහා ශී‍්‍රලයුපොහේබ කණ්ඩායම් තුනක් ආරම්භ කරන ලදි. එම කණ්ඩායම්හි නිලධාරි අණදෙන වරුන් වශයෙන් පහත නම් සදහන් ජේ්‍යෂ්ඨ නිලධාරීන් රාජකාරි ඉටු කර ඇත.

මේජර් එස් පි ඒ කේ සියඹලාපිටිය - 51 සේමු විනයාරක්‍ෂක කණ්ඩායම
මේජර් එච් ඒ පි ඒ ජයතිලක - 52 සේමු විනයාරක්‍ෂක කණ්ඩායම
මේජර් ඒ එස් පී පොඩිරාළහාමී - 53 සේමු විනයාරක්‍ෂක කණ්ඩායම

නිඅභපි / නියෝජ්‍ය විනයාරක්‍ෂධිපති මුලස්ථානයේ මුඛ්‍ය පරමාර්ථය වුයේ ආසේමු (යා) බලප‍්‍රදේශයේ ස්ථාපිත භට පිරිස්වල විනය නිසියාකාරව පවත්වාගෙන යාමයි. විනයාරක්‍ෂධිපතිගේ සහ ශී‍්‍රලයුපොහේබ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මග පෙන්වීම යටතේ පහත නම් සදහන් නිඅභපි / නියෝජ්‍ය විනයාරක්‍ෂකාධිපති වරුන් විසින් අණදෙනු ලැබීය.

ලූතිතන් කර්නල් ඩබි එස් ඩබ් සේනානායක යුඑස්පී 1995.04.19 - 1997.12.08
ලූතිතන් කර්නල් පී ජේ ඒ වීරසිංහ එල්එස්සී 1997.12.08 - 1998.11.05
මේජර් ඒ එස් පී පොඩිරාළහාමි (වැ: බ:) 1998.11.05 - 1999.01.05
මේජර් සී එස් ඇටිපොල එල්එස්සී 1999.01.05 - 1999.08.21
මේජර් එච් එස් ද සොයිසා 1999.08.21 - 2000.08.13.

Lt Col WSW Senanayake USP
(19.04.1995 TO 08.12.1997)

Lt Col PJA Weerasingha Lsc
(08.12.1997 TO 05.11.1998)

Maj ASP Podiralahamie (over look)
(05.11.1998 TO 05.01.1999)

Maj CS Atipola Lsc
(05.01.1999 TO 21.08.1999)

Maj HS De Zoysa
(21.08.1999 TO 13.08.2000)

නිඅභපි / නියෝජ්‍ය විනයාරක්‍ෂාධිපති වශයෙන් ස්ථාපිතවී තිබු මෙම මුලය 2000 අගෝස්තු මස 13 වන දින 4 ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය ආධාරක ඒකකය වශයෙන් යුද හමුදාව තුල විකාශනය වු අතර, එහි ප‍්‍රථම අණදෙන නිලධාරි වශයෙන් මේජර් එච්එස් ද සොයිසා කටයුතු කරනු ලැබීය. ඉන් අනතුරුව පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් 4 ශි‍්‍රලයුපොහේබ (ආධාරක) ඒකකය සඳ හා අණදීම සිදුකරන ලදි.

මේජර් එච් එස් ද සොයිසා 2000.08.13 - 2000.02.21
මේජර් ඩිි කේ ජි ඩි සිරිසේන 2002.02.21 - 2004.09.04
මේිජර් අයි ඕ ඩබ් මාදොල 2004.09.04 - 2005.08.08
ලූතිතන් කර්නල් අයි ඕ ඩබ් මාදොල 2005.08.08 - 2005.09.01
මේජර් ඒ එස් පී පොඩිරාළහාමි 2005.09.01 - 2005.12.13
ලූතිතන් කර්නල් ඒඑස්පී පොඩිරාළහාමි 2005.12.13 - 2006.09.04
ලුතිතන් කර්නල් එල් පී ආර් පේ‍්‍රමලාල් 2006.09.04 - 2008.02.27
ලුතිතන් කර්නල් එච් වල්ගම 2008.02.28 - 2008.06.30
මේජර් ජි ඒ එස් ගජධීර 2008.06.30 - 2009.02.03
ලූතිතන් කර්නල් ජි ඒ එස් ගජධීර එල්එස්සී 2009.02.03 - 2009.08.13

මෙසේ ආධාරක ඒකකයක් වශයෙන් පැවැති 4 වන ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය 2009 අගෝස්තු මස 13 වන දින විනයාරක්‍ෂකාධිපති තුමාගේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මග පෙන්වීම යටතේ නිත්‍ය ඒකකයක් වශයෙන් විනයාරක්‍ෂක පවුලට නවතමයෙන් එක් වූ අතර, එහි පළමු අණදෙන නිලධාරි වශයෙන් ලූතිතන් කර්නල් ජිඒඑස් ගජධීර එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි පත් විය. ඉන් අනතුරුව මෙම ඒකකය ඉදිරියට මෙහෙයවීමේ භාරදුර කාර්යය වෙනුවෙන් පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරි වරුන් සිය දායකත්වය ලබාදී ඇත.

ලුතිතන් කර්නල් ජි ඒ එස් ගජධීර එල්එස්සී 2009.08.13 - 2009.11.26
ලුතිතන් කර්නල් ඒ එල් ඉලංගකෝන් 2009.11.26 - 2010.04.03
ලුතිතන් කර්නල් ජේ එච් ජේ නිශාන්ත 2010.04.04 - 2010.07.28
මේජර් ආර් ඞී සලේ 2010.07.28 - 2012.10.31
ලුතිතන් කර්නල් ආර් ඞී සලේ 2012.11.01 - 2014.04.27
මේජර් ඒ එම් ඒ දේශපි‍්‍රය 2014.04.27 - 2015.04.20
ලූතිතන් කර්නල් ඒ එම් ඒ දේශපි‍්‍රය 2015.04.21 - මේ දක්වා

Maj HS De Zoysa
(1999.08.21 TO 2002.02.21)

Maj DKGD Sirisena
(2002.02.21 TO 2004.09.04)

Maj IOW Madola
(2004.09.04 TO 2005.09.01)

Lt Col ASP Podiralahamy
(2005.09.01 TO 2006.09.04)

Lt Col LPR Premalal
(2006.09.04 TO 2008.02.27)

Lt Col H Walgama
(2008.02.28 TO 2008.06.30)

Lt Col GAS Gajadeera Lsc
(2008.06.30 TO 2009.11.26)

Lt Col AL Illangakoon
(2009.11.26 TO 2010.04.02)

Lt Col JHJ Nishantha
(2010.04.04 TO 2010.07.28)

Lt Col R D Sallay
(20--.-.- TO 20--.-.-)

Lt Col AMA Deshapriya
(2014.07.23 TO 2016.12.14)

Lt Col IR Hanthanearachchi
(2016.12.15 TO 2018.08.03)

Lt Col KAKS Prasanna
(2018.08.04 TO 2020.07.31)

Major K N Indrajith USP Lsc
(2022.07.08 TO 2023.06.30)

Major H LS K Jayatissa Lsc
(2023.06.30 - 2023.11.26)

මෙසේ ශී‍්‍රලයුපොහේබ සීමිත භට පිරිස් ප‍්‍රමාණයකින් ආරම්භ කරන ලද 4 ශී‍්‍රලයුපොහේබ ඒකකයේ ඉදිරි අභිවෘද්ධිය හා උන්නතිය වෙනුවෙන් මුලාරම්භයේ සිට මේ දක්වා අණදීම් සිදුකරන ලද අණදෙන නිලධාරීවරුන් ඇතුලූ සියලූම නිලධාරීන්ගේත්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුලූ සියලූම සෙසු නිලයින්ගේත් මහත් කැපවීමත්, ලබාදෙන ලද මාහැගි දායකත්වයත් හේතුවෙන් ඉතා කෙටි කාලසීමාවක් තුල සාර්ථකව පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරමින් මේ වන විට නිලධාරීන් 39 හා සෙසු නිලයින් 482 අනුමත සංස්ථාවක් යටතේ පවත්වා ගෙන යනු ලබන අතර, අනුව ආසේමු(යා) බලප‍්‍රදේශය ආවරණය කරමින් විනයාරක්‍ෂක රාජකාරීන් ඉටුකිරීම සදහා ව්‍යාප්ත වී ඇත.