Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

2 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

වැ: බ අණදෙන නිලධාරි


මේජර් කේ එන් ඉන්ද්‍රජිත් යුඑස්පි එල්එස්සි

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාව පුළුල් ලෙස ව්‍යාප්තවීමත් සමගම එවකට 1 වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය යටතේ රාජකාරි කල ශ‍්‍රීලයුපොහේබ නිලධාරීන් හා සෙනීන් විනයාරක්‍ෂක ඒකක තුනකට ඇතුලත් කරමින් 1 ශී‍්‍රලයුහපොහේබ, 2 ශී‍්‍රලයුහපොහේබ හා 3 ශී‍්‍රලයුහපොහේබ වශයෙන් ඒකක ස්ථාපනය කිරීමෙන් අනතුරුව 1 ශී‍්‍රලයුහපොහේබ ඒකකය නාරාහේන්පිටද, 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකය 2 වන සේනාංක මූලස්ථානය යටතේ අනුරාධපුරයේද, 3 ශී‍්‍රලයුහපොහේබ ඒකකය 3 වන සේනාංකය යටතේ මහනුවරද ස්ථානගත කිරීමට සැලසුම් කිරීමෙන් පසු 2 ශ‍්‍රීලයුපොහේබ ඒකකය අනුරාධපුරයේ ස්ථානගත කිරීම සඳහා සුදුසු ස්ථානයක් පරීක්ෂා කර බැලීම වස් එවකට රෙජිමේන්තු ආඥාපති වශයෙන් රාජකාරි කල කර්නල් කේඒඑම්ජි කුලරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 1991.02.10 වන දින 2 වන සේනාංක මූලස්ථානය වෙත පැමිණෙන ලදි.

ඒ වන විට 2 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථානගතව තිබූ 2 වන විනයාරක්‍ෂක කණ්ඩායම භාර නිලධාරි අණදෙන වශයෙන් කපිතන් ජීජේආර්එස්කේ පෙරේරා යන නිලධාරී කටයුතු කර ඇති අතරල එම නිලධාරි සමගින් නිලධාරීන් දෙදෙනෙකුගෙන් හා සෙසුනිලයින් 39 දෙනෙකුගෙන් එම විනයාරක්‍ෂක කණ්ඩායම සමන්විත විය. ඒ අනුවල රෙජිමේන්තු ආඥාපතිගේ උපදෙස් පරිදි එම විනයාරක්‍ෂක කණ්ඩායම යටතේ තිබූ කාර්යාල හා භට නිවාස මෙන්ම එම විනයාරක්‍ෂක කණ්ඩායම් කාර්යාලයට යාබදව තිබූ 5 (සෙව්) ශී‍්‍රලංසිරෙ කාර්යාලයද එහි වම් පසින් යාකර තිබූ 3 ශී‍්‍රලංසංබ "සී" බළඝන කාර්යාලයද 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ ප‍්‍රයෝජනයට ගන්නා ලදි. එසේම 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ භට පිරිස් සංඛ්‍යාව වැඩිවීමේදී සෙසුනිල භට නිවාසයක් සඳහා 3 ශී‍්‍රලයුසේබ බේකරි අංශය තිබූ ස්ථානයද 2 ශී‍්‍රලයුහපොහේබ වෙත ලබාගන්නා ලදි.

ඒ අනුව අනුරාධපුර 2 වන සේ්නාංක මූලස්ථානය යටතේ ස්ථානගතව තිබූ 2 වන විනයාරක්‍ෂක කණ්ඩායම විසුරුවා හැර 2 වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය 1991.04.01 වන දින එම ස්ථානයේ ස්ථාපනය කරන ලදි. එහිදී මෙම ඒකකයේ ප‍්‍රථම අණදෙන නිලධාරි වශයෙන් මේජර් ඒබී තෝරදෙණිය යන නිලධාරී හා විධායක අධිකාරි වශයෙන් කපිතන් ජීකේඑස් ෆොන්සේකා යන නිලධාරී කටයුතු කර ඇත. එතෙක් 2 වන විනයාරක්‍ෂක කණ්ඩායම භාර නිලධාරි අණදෙන වශයෙන් කටයුතු කළ කපිතන් ජීජේඒආර් පෙරේරා 2 වන සේනාංක මුලස්ථාන විනයාරක්‍ෂක කණ්ඩායමේ නිලධාරි අණදෙන වශයෙන්ද එම නිලධාරි භාරයේ තිබූ විවිශා භාර නිලධාරි තනතුර කපිතන් ජීකේඑස් ෆොන්සේකා හටද භාරදෙන ලදි. එසේම 2 වන විනයාරක්‍ෂක කණ්ඩායම් භාර බලලත් නිලධාරි වශයෙන් රාජකාරි කළ බනි II ජයවික‍්‍රම එස් යන බලලත් නිලධාරී 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකය ආරම්භවීමත් සමගම බනි I නිලයට උසස්වීම් ලබා ඇති අතර, ඔහු ඒකකයේ ප‍්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් කටයුතු කර ඇත.

හිටපු අණදෙන නිලධාරිවරුන්

ලුතිතන් කර්නල් ඒබි තෝරදෙණිය


ලුතිතන් කර්නල් එම්එම් මීරසයිබු

මේජර් කේජිකේ ගුණරත්න


මේජර් ඩබ්එස්ඩබ් සේනානායක යුඑස්පී


ලුතිතන් කර්නල් වීඑන් කොස්වත්ත ආර්එස්පී

ලුතිතන් කර්නල් ජිකේඑස් ෆොන්සේකා එල්එස්සී

ලුතිතන් කර්නල් ඩිපිඑම්ටී උභයවර්ධන


ලුතිතන් කර්නල් ඒඑස්පී පොඩිරාළහාමි


ලුතිතන් කර්නල් ඊආර්පී වීරවර්ධණ

ලුතිතන් කර්නල් ඒඑල් ඉලංගකෝන්

ලුතිතන් කර්නල් බීඑල්ආර් බමුණුසිංහ

ලුතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක

ලුතිතන් කර්නල් ආර් විතානාරච්චි යුඑස්පි