19th February 2025 21:06:37 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකායේ පළමු කාර්තු නිලධාරී පුහුණු වැඩසටහන 2025 පෙබරවාරි 17 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. නිලධාරීන්ගේ වෘත්තීයභාවය සහ කණ්ඩායම් හැඟීම වැඩි දියුණු කිරීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාරගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය විසින් සංවිධානය කරන ලදී.