Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 10:32:29 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිල සංචාරය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් වන බ්‍රිගේඩියර් රමේෂ් සලේ ‌ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා විසින් 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරය 2022 නොවැම්බර් මස 06 වන දින සිදු කරන ලදී .
මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් ගේ පැමිණීමත් සමග 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි වන මේජර් මනෝජ් සුද්දාගල එල්එස්සී‌ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා විසින් මධ්‍යස්ථාන සේනාවිධායකතුමා යුද්ධ හමුදා චාරිත්‍රානුකූල ගෞරවසම්ප්‍රයුක්තව සාදරයෙන් පිළිගන්නා ලදී. ඒකක සංචාර වැඩසටහ‌ෙන් වැදගත්ම අංගය වශයෙන් මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ සියලු නිල ආමන්ත්‍රණය දැක්විය හැකි අතර ඒහි දී එතුමන් විසින් යුද්ධ හමුදාවේ දැක්ම පිළිබඳ පැහැදිලි කර සියලු නිලයින්ගේ රාජකාරි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ක්‍රියාවට නංවන ලද භට කාර්ය සහ පාලන කටයුතු පිළිබඳ අවධාරණය කරන ලදී.අනතුරුව පවත්වන ලද සියලු නිල තේ පැන් සංග්‍රහය නිලයින්ට තම අදහස් හුවමාරු කර ගැනීම සඳහා මහගු අවස්ථාවක් ලබා දුන් අතර.අවසානයේ ඒකක සමරු පොතෙහි තබන ලද සටහනත් සමග මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ සංචාරය නිමා විය.