05th June 2025 07:27:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නික්ම යන විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ආර් ඩී සලේ එන්ඩීසී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකක, යුද්ධ හමුදා පොලිස් පාසල, නිලධාරි අණදෙන භඨපිරිස් (මුල) සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු සියලුම යුද්ධ හමුදා පොලිස් ඒකක, පුහුණු පාසල වෙත සංචාරයක නිරත විය.
ඔහුගේ සංචාර අතරතුර, චාරිත්‍රානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. රැස්ව සිටි පිරිස අමතමින් විනයාරක්ෂකාධිපති තුමන් තම ධුර කාලය තුළ ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා සිය හෘදයාංගම ස්තුතිය පළ කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනය පවත්වා ගැනීම සහ ගෞරවනීය බව ආරක්ෂා කිරීම සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් විසින් ඉටු කරන ලද කාර්යභාරයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. ඉන් අනතුරුව අවසන් වසයෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගී වූ විනයාරක්ෂකාධිපති තුමන් ඔවුන් සමඟ සුහද කථාබහකද නිරත විය.