Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 10:38:12 Hours

විනයාරක්ෂකයෙකුගේ විශිෂ්ඨ ක්‍රියාව

2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සෙ/679265 කෝප්‍රල් නානායක්කාර එන්ඊඩීපී යන කොනොනි 2022.11.13 වන දින මෙම කදවුර ඉදිරිපිට ඇති අවුකන අනුරූ බුද්ධ ප්‍රථිමා වහන්සේ සහ ශෛලමය බුද්ධ ප්‍රථිමා වහන්සේ පිහිටි පූජා භූමියේ ආරක්ෂාව සදහා රාජකාරි යොදවා සිටියදී එම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පැමිණි බැතිමතෙකු විසින් අමතකවීමකින් එම ස්ථානයේ දමා යන ලද ගමන් බෑගයක් ඔහු වෙත හමුවී ඇති අතර එය ඔහු විසින් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානය වෙත භාරදෙන ලදී.
ඉන් පසුව ඒකක අණදෙන නිලධාරී මේජර් එන් පී ඊ එන් නේරංගම යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි එම ගමන් බෑගය පරීක්‍ෂා කල අතර ඒ තුල තිබී රුපියල් ලක්‍ෂ හතකට අධික වටිනාකමකින් යුත් විදේශීය මුදල් නෝට්ටු, රුපියල් ලක්‍ෂ තුනක පමණ වටිනාකමකින් යුතු කැනෝන් වර්ගයේ කැමරාවක්, පේරු රාජ්‍යයේ ජැක්ලින් ස්ලින්ඩා නම් කාන්තාවට අයත් ගමන් බලපත්‍රයක්, දුරකථන ආරෝපකයක්, විදෙස් බැංකු කාඩ්පත් 11 ක් එම බෑගය තුල තිබී හමුවූ අතර පසුව එය කායෝ චම්බි ජැක්ලින් ස්ලින්ඩා නැමැති විදේශීය කාන්තාව වෙත අයත් බව තහවුරු කර ගන්නා ලදී.
පසුව එම විදේශීය කාන්තාව දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් ඇයව කඳවුර වෙත ගෙන්වා එම මුදල් හා අනෙකුත් සියලුඑම භාණ්ඩ ඇය වෙත නිවැරදිව භාරදීමට කටයුතු කරන ලද අතර විදේශ ගමන් බලපත්‍රය ඇතුලු වටිනා භාණ්ඩ හා මුදල් නැවත ඇය වෙත ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ඇය විසින් ඉතා ප්‍රශංසනාත්මක ලෙස අගය කරන ලදී.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ජැක්ලින් ස්ලින්ඩා නම් විදේශ කාන්තාවට අයත් විදේශ ගමන් බලපත්‍රය ඇතුලු වටිනා භාණ්ඩ හා මුදල් අස්ථානගතව තිබියදී එම භාණ්ඩ හා සියලු මුදල් කිසිදු අඩුපාඩුවකින් තොරව නැවත එම විදේශික කාන්තාවට ලබා දීම සඳහා 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානය වෙත ලබා දීම තුලින් සමාජයේ විනයගරුක සොල්දාදුවෙකු වශයෙන් සෑම දෙනෙකුටම ආදර්ශයක් ගෙන දෙන ලෙස ක්‍රියා කරමින් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායටත්, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවටත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත්, ශ්‍රී ලංකා මාතාවටත් ඉමහත් අභිමානයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන්, මධ්‍යස්ථාන සේනාවිධායක බි්‍රගේඩියර් ආර් ඩි සලේ, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එන් පී ඊ එන් නේරංගම යූඑස්පී එල්එස්සී සහ දෙවන අණදෙන නිලධාරි මේජර් විඑන්එම් ජයසේකර යුඑස්පි එල්එස්සී යන ජේ්‍යෂ්ඨ නිලධාරී ඇතු`එ සිය`එ නිලයින් විසින් සෙ/679265 කෝප්‍රල් නානායක්කාර එන්ඊඩීපී හට මෙම විශිෂ්ඨ ක්‍රියාව අගය කරමින් ප්‍රසංශාව පල කරන ලදී.