23rd May 2025 19:14:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ආර් ඩී සලේ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 19 වන දින බ්‍රිග්‍රේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා උසස්වීම ලබන ලදි. මෙම නිල උසස්වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි 2025 මැයි 23 වන දින උපහාර පිදීමේ උත්සවයක් පවත්වන ලදි. මෙම උපහාර පිදීමේ උත්සවය සඳහා පැමිණි මේජර් ජෙනරාල් ආර්ඩී සලේ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිග්‍රේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිලිගනු ලැබු අතර, සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක්, සම්මාණ පෙලපාලියකින් සමන්විත වූ මෙම උත්සවය සඳහා භකාස අණසක (මධ්‍යම) ආඥාපති බ්‍රිග්‍රේඩියර් ඒඑම්ආර් ආබේසිංහ එන්ඩීසි, 1 බලකාය බ්‍රිගේඩියර් (පාලන සහ භකාස) බ්‍රිගේඩියර් ආර්එම්කේඒඑස් රාජනායක, අසේමු (බ) බ්‍රිගේඩියර් (පාලන සහ භකාස) බ්‍රිගේඩියර් ජේඑස් මුණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.