Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 10:09:15 Hours

මධ්‍යස්ථාන සේනාවිධායකගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් ආර්ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 නොවැම්බර් මස 05 වන දින 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරය සිදු කල අතර, ඒකක අණදෙන නිලධාරි මේජර් එම්ඩීඑස්යූකේ වීරසිංහ යූඑස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් පිළිගැනීමෙන් අනතුරුව ක‍ඳවුරු මුරයක් ප්‍රධානය කරන ලදි.
ඉන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් සමූහ ඡායාරූපයට පෙනී සිටි අතර, පැලයක් රෝපනය කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරි විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමට සහභාගී වන ලදි.
පසුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් සියලු නිල ඇමතීමෙන් පසුව සියළු නිල තේපැන් සංග්‍රය සඳහා සහභාගී වී ක‍ඳවුරු සංචාරයෙන් පසුව වැඩසටහන නිමා කරන ලදි.