Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th December 2022 10:54:05 Hours

මධ්‍යස්ථාන සේනාවිධායකගේ 2 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර් ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 නොවැම්බර් මස 08 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගනෙහිර බල ප්‍රදේශයෙහි ගිරිතලේ කඳවුරු භුමියේ ස්ථාපිත 2 ශ්‍රීලයුපොහේබ හී නිල සංචාරයක නිරත වන ලදි.
2 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාර මේජර් එන්පීඑන් නේරංගම යුඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලදාරි විසින් කඳවුරු පිවිසුම අභියසදි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු එතුමන් හට හමුදා සම්ප්‍රධායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදි.
ඉන් අනතුරුව ඒකකය යටතේ රාජකාරි නිරත සියලුම නිලධාරින් හා සෙසු නිලයින් සමඟින් මධ්‍යස්ථාන සේනාවිදායක තුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු අණදෙන නිලධාරි විසින් සිදුකල ඒකකයේ වත්මන් තත්ත්වය සබැදි ඉදිරිපත් කිරිමට හා සියලුම නිලධාරින් සමඟින් ඒකකයෙහි පාලන හා ගැටලු සබැදි සාකච්ඡාවකට සහභාගි වූ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් අවැසි රාජකාරි උපදෙස් ලබාදීමට කටයුතු කරන ලදි.
ඉන් අනතුරුව 2 ශ්‍රීලයුපොහේබ කඳවුරු භූමියෙහි නිරික්ෂණ සංචාරයක නිරතව මධ්‍යස්ථාන සෙන්වාවිධායක තුමන් කොනොනි සමාජ ශාලාවෙහි සංවිධායක කරන ලද සියලු නිල තේ පැන් සංග්‍රහක සඳහා සහභාගි වී සියලු නිලයන් ඇමතීමෙන් පසුව කඳවුරු සංචාරය නිමා කරන ලදි.