Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

20th February 2018 22:40:26 Hours

බලකාධිපති තුමාගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය - 2018 පෙබරවාරි මස 16

යුද්ධ හමුදා විනයරක්‍ෂකාධිපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඩීකේජීඩී සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 පෙබරවාරි මස 16 වන දින 3 ශ්‍රීලයුපොහේබ ඒකකයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී. 3 ශ්‍රීලයුපොහේබ ඒකකය වෙත පැමිණි බලකාධිපති තුමන් ඒකකයේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් ආර්එම්කේඒඑස් රාජනායක යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගැනීමෙන් අනතුරුව බලකාධිපති වෙත කදවුරු මුරයක් පිරිනමන ලදී. අනතුරුව නවතමයෙන් ඉදිකල නිලධාරි නේවාසිකාගාරය බලකාධිපති තුමන් විසින් විවෘත කිරීමෙන් පසු සංචාරය සනිටුහන් කරමින් පැලයක් රෝපණය කල අතර, ඉන් පසු සියලූ නිලයින්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වා සියලූ නිලයින් අමතන ලදී. ඒකකයේ නිරික්‍ෂණ සංචාරයේ නිරතවු බලකාධිපතිතුමන් හට සංචාරය සිහිවීම සදහා අණදෙන නිලධාරි විසින් සමරු සිහිවටනයක්ද ලබා දෙන ලදී.