Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th February 2018 08:38:59 Hours

බලකාධිපති තුමන්ගේ 2 ශ‍්‍රීලයුහපොහේබ සංචාරය

ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2018 ජනවාරි 09 දින 2 ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයේ සංචාරයක් සිදුකරන ලදි. මෙහිදි 2 වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක විසින් පිළිගැනිමෙන් අනතුරුව වර්ණවත් කඳවුරු සම්මාන මුරයක් පිනමන ලදි. 2 වන ශ‍්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කඳවුර වෙත විශාල අඩුපාඩුවක්ව පැවති කාන්තා භඨ නිවාසය විවෘත කිරිම බලකාධිපතිගේ සුරතින් සිදුවිය. ඉන්පසු එම භූමියේ සංචාරයේ මතක සටහනක් වශයෙන් අඹ පැලයක් රෝපනය කිරිම සිදුකරන ලදි.