Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st June 2018 23:47:24 Hours

ජාතික රණවිරු උත්සවයට සමගාමීව ශ‍්‍රීලයුහපොහේබ අනුස්මරණ උත්සවය

ජාතික රණවිරු උත්සවයට සමගාමීව ශ‍්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බලකා රණවිරු අනුස්මරණ උත්සවය 2018.05.18 වන දින ගිරිතලේ පිහිටි මෙම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී. මෙහිදි මව්බිම වෙනුවෙන් දිවිපිදු ශ‍්‍රීලයුහපොහේබ නිලධාරින් සහ සෙසුනිලයින් 56 දෙනෙකු අනුස්මරණය කරන ලදී.
මෙම රෙජිමේන්තු බලකාධිපති මෙන්ම ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අනුස්මරණ වැඩසටහන් මාලාවට රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒඑස්පි පොඩිරාළහාමී යුඑස්පි තුමන් ඇතුලූ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් රැසක්ද සෙසු නිලයින් විශාල ප‍්‍රමාණයක්ද සහභාගි වන ලදි.
ඉන් අනතුරුව බලකාධිපති තුමන් විසින් යුහපොපා ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සියලු නිලයින් ඇමතු අතර පසුව යුධ හමුදා පොලිස් පාසලේ කෝප‍්‍රල් සමාජ ශාලවේදි සියලූ නිල දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදි. ඊට සමගාමීව එදින පස්වරුවේ මියගිය රණවිරුවන් සිහිකර පහන් දහසක ආලෝක පූජාවක්ද සෝමාවති චෛත්‍ය උදෙසා විශේෂ කප්රුක් පූජාවක් හා බෝධී පූජා පිංකමක්ද සෝමාවතී පුදබිමේදී සිදුකරන ලදී.