Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th September 2021 10:15:59 Hours

ජපානයෝ ටෝකියෝ නගරයේ පැවති පැරාලිම්පික් - 2020 තරඟාවලියේදි ශ්‍රී ලාංකිය ධජය ඉහලට එසවු විනයාරක්ෂක සමාජිකයා

    ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් ජපානයේ ටෝකියෝ නගරයේ පැවති පැරාලිම්පික් තරඟය - 2020 සඳහා සහභාගි වූ කෝප්‍රල් දුලාන් කේඒඑස් - 5 ශ්‍රීලයුහපොහේබ යන කොනොනි හෙල්ල විසිකිරිමේ තරඟයේ එෆ් 44 කාණ්ඩයෙන් තරඟ කර 2021 අගෝස්තු මස 30 වන දින ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
    කෝප්‍රල් දුලාන් කේඒඑස් 2009 දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායට ආධුනික විනයාරක්ෂයෙකු වශයෙන් බැදි රාජකාරි සිදුකරමින් සිටියදි 2016 දී සිදුවු රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා ස්ථිර පහත් වෛද්‍ය වර්ග කිරිමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදා පැරා මලල ක්රීබඩා කණ්ඩායමට එක්විය.
    කෝප්‍රල් දුලාන් කේඒඑස්, ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලිය 2018, 2019 හා ලෝක පැරා මලල ක්රී ඩා ශූරතාවලිය - 2019 සඳහා සහභාගී වී ජයග්‍රහනය අත්පත් කර ගත් අතර, ඔහු ජාතික පැරා ක්‍රීඩා තරඟාවලිය 2018 සඳහා රිදී පදක්කමද, යුද හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය - 2018 සහභාගි වී රන් පදක්කමද දිනා ගැනීමට සමත්විය.