Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st February 2021 11:11:33 Hours

ආබාධිත රණවිරුවෙකු හට නව නිවසක්

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “පූර්ණ නිවාස ව්‍යාපෘතිය - V වන අධියර” යටතේ 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් දැනට හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව රණවිරු සෙවන රාගම හි නේවාසිකව ප්‍රථිකාර ලබන සෙ/678929 ලා/කෝ හේරත් එච්ජේඒස් යන කොනොනි හට1 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ආර්එම්එන් රත්නායක යුඑස්පි එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ඒකකයෙහි පූර්ණ ශ්‍රම දායකත්වය මත ඉදිකරන ලද නිවස තත් කොනොනි වෙත භාරදීම 2021.02.18 වන දින හෝරා 1131 ට යෙදුනු සුභ මොහොතින් ආඥාපති භකාස අණසක හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒල්පීආර් ප්‍රේමලාල් යූඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සුරතින් සිදුකරන ලදි. තවද එම නිවස වෙත අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ද 1 ශ්‍රීලයුපොහේබ ඒකකය වෙතින් පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සදහා විනයාරක්‍ෂකාධිපති වන බ්‍රිෙග්ඩියර් ඒඑල් ඉලංගකෝන්, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් බිඑල්ආර් බමුණුසිංහ යන ජේ‍යෂ්ඨ නිලධාරි හා අනෙකුත් ජේ‍යෂ්ඨ නිලධාරි/නිලධාරින් ඇතුලු 1 ශ්‍රීලයුපොහේබ රෙසැමේ හා සෙසුනිලයින් සහභාගී වන ලදි.