Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th February 2023 08:40:50 Hours

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙහි නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය විවෘත කිරීම

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු සියලු නිලයින්ගේ දායකත්වයෙන් යුතුව නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය, උපකරණ ගබඩාව හා බුදු මැදුර 7 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි වන මේජර් එස්එන්කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනය පරිදි ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023 ජනවාරි මස 28 දිනට යෙදී තිබූ සුභ මොහොතින් එම නිලධාරීගේ 7 ශ්‍රීලයුපොහේබ ඒකක සංචාරයට සමගාමීව විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ආඥාපති, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) බ්‍රිගේඩියර් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී මෙන්ම මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ/කණිස්ඨ නිලධාරින් ඇතුලු සෙසුනිලයින් සහභාගී වන ලදී.