25th January 2026 22:53:02 Hours
7 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය 2026 ජනවාරි 17 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. සැමරුම් උත්සව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බීඑල්කේඑස් බාලසූරිය එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සැමරුම් උත්සවයට 2025 නොවැම්බර් 22 වන දින කඳවුරේ දී භික්ෂූන් වහන්සේලා 20 නමක් උදෙසා දානමය පුණ්‍යකර්මයක් සිදුකරමින් ආරම්භ කරන ලද අතර, විධිමත් පෙළපාළියක්, සමූහ ඡායාරූපයක් සහ සියලු නිලයන්ගේ දිවා භෝජන සංග්‍රහයක් ඇතුළත් විය.
භට පිරිස් අමතමින් අණදෙන නිලධාරීතුමා රෙජිමේන්තුවේ සේවය කරන සියලුම නිලයන්ගේ කැපවීම අගය කළ අතර, සියලු නිලයන් අතර එකමුතුකම සහ සහෝදරත්වය ශක්තිමත් කරමින් සන්ධ්‍යා හමුවකින් සැමරුම් උත්සවය අවසන් විය.